බදු සංශෝධනයේ සිමෙන්ති මිල පහල යාම ඉදිරි සතියේදි

දෙසැ 11, 2019

    බදු සංශෝධනවලට අනුව සිමෙන්ති මිල ඉදිරි සතියේදී රුපියල් 100න් පමණ අඩු විය හැකි වන බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.

    නව බදු සංශෝධන වලට අනුව සිමෙන්ති මිල අඩු විය යුතු වන නමුත් මේ වන තෙක් මිල පහළ පහළ දමා නැති අතර මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරි දින කිහිපයේදී මැදිහත් වීමක් සිදු කරනු ඇති බව එහි ආරංචි මාර්ග පවසයි.

    වැට් බදු අඩුවීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරිම අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100න් පමණ පහළ යනු ඇති බවත්, ආනයනය කළ සිමෙන්ති වෙළෙඳ පලෙහි පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ මිල සංශෝදන විමක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

    සිමෙන්ති කොට්ටයක් රුපියල් 1095ත් 1050 අතර මුදලකට මේ වන විට අලෙවි කෙරේ. එයට සියයට පහලවක් වු වැට් බද්ද සහ සියයට 02ක් ජාතිය ගොඩනැගිමේ බද්ද ඇතුලත්වේ. නව බදු සංශෝධනය අනුව වැට් බද්ද සියයට අට දක්වා පහළ දැමු අතර ජාතිය ගොඩනැගිමේ බද්ද අහෝසි කෙරිණ. එ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 75ත් 100 අතර ප්‍රමාණයකින් පහළ යායුතුවේ.  

    Latest News