ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පොහොය අදයි (වීඩියෝ)

දෙසැ 11, 2019

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.

    ඒ නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේ 11 නමක් ප්‍රමුඛ දූත පිරිස, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන දිවයිනට වැඩම කළේ අද වැනි දිනකයි.

    ඒ සමඟ ශ්‍රී ලංකාවේ භික්‍ෂුණි ශාසනය ආරම්භ විය. මෙරට කාන්තාවන්ට එතෙක් නොතිබූ ජාතික හා ආගමික නිදහස හිමිවූයේ මෙහෙණි සසුන ආරම්භ වීමත් සමඟයි. දෙවන පෑතිස්ස රජුගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව, මෙරට ආගමික හා සමාජයීය වෙනස්කම් රැසක් සිදුවිය.

    මිහිඳු හිමියන්ගේ ලංකා ගමනින් මසකට පසු සංඝමිත්තා තෙරණියගේ ආගමනය සිහි කරමින් පෙරහැර උත්සව ආදිය පැවැත්වේ. ලංකාවාසී බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන ශ්‍රී පාදය සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙනි.

    උඳුවප් පොහොය නිමිත්තෙන්, දිවයින පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සද්ධර්ම වර්ෂා පොහොය ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කෙරේ.

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 20:09

    Latest News