ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

අගෝ 01, 2023

    බුදුරජාණන් වහන්සේ පළමු වරට “දම්සක් පැවතුම් සූත්‍රය” දේශනා කිරීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ, ඇසළ පුරපසළොස්වක පොහොය අදයි.

    ඒ, නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබුණා.

    සිදුහත් බෝසතාණන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමාරෝත්පත්තිය හා සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම අද වැනි දිනක සිදු වූ බව, ශාසන ඉතිහාසයේ සඳහන්.

    බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මානය බිඳහෙළීම, යමාමහ පෙළහැර පෑම සහ මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන් උදෙසා අභිධර්මය දේශනා කිරීම සිදුවූයේ ද ඇසළ පොහෝ දිනකයි.

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රජගහනුවර ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ඇසළ පොහොය හා බැඳුණු තවත් සිදුවීමක්.

     

    Latest News