යාත්‍රා ඉදිකිරිමට හා නැව් අලුත් වැඩියාවට හම්බන්තොට වරායට ව්‍යාපෘතියක්

දෙසැ 10, 2019

    කොළඹ ජාත්‍යාන්තර වරාය අනුබද්ධ නැව් තටාංගණය සමාගමේ ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරා‍ය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි.

    එ අනුව ඉදිරියේදි නැව් අලුත් වැඩියාව සහ වෙනත් යාත්‍ර ඉදිකිරිම ආරම්භ කිරිමට නිමිතයි. මෙහි නිෂ්පාදන කාර්යන් ආරම්භ කිරිමට වසරක කාලයක් ගතවේ.

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සයුරුපාය ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ දී මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිම කොළඹ ඩොක් යාඩ් සමාගමමේ සභාපති එච්. ටනල්කා සහ කළමණාකරණ අධ්‍යක්ෂ ඩී. වී. අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    නැව් අළුත් වැඩියා කිරිම සඳහා හම්බන්තොට ජාත්‍යාන්තර වරායේ පවතින පහසුකම් හේතුවෙන් ඉදිරියේ දී හම්බන්තොට රැකියා අවස්ථා 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව කලමණාකරන අධ්‍යක්ෂ අබේසිංහ මහතා පැවසිය. පුහුණු පාසලක් මගින් පුහුණුවීම් සිදු කිරීමට නියමිත බවද ඔහු සඳහන් කලේය.

    Latest News