රන්ජන් රාමනායකට නොතිසී

දෙසැ 03, 2018

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට නොතිසී නිකුත් කෙරේ.

    ඒ, ලබන දෙසැම්බර් 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින්. අධිකරණය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන්නැයි, රාමනායක මහතාට නොතිසී මගින් දන්වා තිබේ.

    නියෝගය නිකුත් කළේ අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ල එම ප්‍රකාශය නීරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවයි. ලබන 7 වැනිදා නීතිපතිවරයාට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ඒ සඳහා ද නොතිසී නිකුත් කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කෙරිණ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News