මන්ත්‍රී රන්ජන්ට අධිකරණයේ ඇප (විඩියෝ)

ජන 05, 2020
  • UpDate - බලපත්‍ර නොමැති ගිනි අවියක් තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාව නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

    ඒ අනුව නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අතිරේක මහේස්ත්‍රාත් එව්. යු. කේ. පැල්පොල් මහතා විසින් රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරිනු ලැබිණ. විදෙස් ගමන් තහනමක් ද පැනවිණ.

    අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව මේ අතර පොලීසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    බස්නාහිර පළාත් දකුණ කොට්ඨාසය ලබගත් සොදිසි වරෙන්තුව අනුව කල පරික්ෂාවේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අල්ලස් කොමිසමේ විමර්ශන වලට සම්බන්ද සංවාද ඇතුලත් බවට සැක කෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි ගණනාවක්, ලැප්ටෝප් පරිගණකයක්, පිස්තෝලයක්, සජිව පතොරම් 127ක් හා සැකකටයුතු ලේඛණ කිහිපයක් සොයා ගැනීමට සමත්වා තිබේ.

    අදාළ විමර්ශන කටයුතු වලදි ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ආකාරයෙන් සිදු කිරීම සඳහා එම රජයේ නිලධරයන් සමග කුමන්ත්‍රණය කිරීම හෝ ඒ සඳහා අනුබලදීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    ඔහුගේ බලපත්‍ර රහිත පිස්තෝල භාවිතා කර කිසි යම් අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව බස්නාහිර පළාත් දකුණ කොට්ඨාසය විසින් වැඩිදුරටත් විමර්ශනය කරන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    UNP මන්ත්‍රී රංජන්ව අධිකරණයට රැගෙන එයි ( 16: 39)

    බලපත්‍ර නොමැතිව ගිනි අවියක් තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකව නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කෙරේ.

    මන්ත්‍රිවරයාව ඊයේ රාත්‍රියේදි බස්නාහිර පලාත දකුණු දිසාව අපරාධ කොට්ඨාෂය මඟින් අත්අඩංගුවට ගත් අතර පැය 20 ආසන්න කාලයක් රඳවා ප්‍රශ්න කරනු ලැබිණ.

    Last modified on ඉරිදා, 05 ජනවාරි 2020 17:47

    Latest News