මහින්ද රාජපක්‍ෂ - ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

දෙසැ 03, 2018

    තමා ඇතුලු අමාත්‍යවරුන්ගේ තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගය පිළිබඳව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිවේදනයක් නිකුත් කර තිබේ.

    කැබිනට් මණ්ඩලය අත්හිටුවු බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට එකඟ නොවන බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි. නියෝගයට එරෙහිව හෙට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව ද නිවේදනයේ සඳහන්.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ හා ඊට අදාළ අවසන් තීරණ ගැනීමේ පරම අයිතිය පැවරී ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයට බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්‍ෂා කිරීම සඳහා මහ මැතිවරණයක් පවත්වා, ජනමතය සඳහා වන වැඩපිළිවෙළ වෙනුවෙන් කැපවන ලෙස රාජපක්‍ෂ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

    මව්බිමට ඇති ආදරය ද නීතියට ඇති ගෞරවය ද, දේශප්‍රේමි දේශපාලනයට ඇති අවංකභාවය පෙරදැරිව මේ තීරණාත්මක මොහොතේ සාමකාමීව ධෛර්ය සම්පන්නව හා වගකීම් සහගතව සියලු දෙනා යුතුකම් ඉටු කරනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බව ද මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News