අධිකරණ තීන්දුවකින් අගමැති සහ රජයක් ගෙදර යෑවු හැටි

දෙසැ 03, 2018

    අධිකරණ තීන්දුවකින් අග්‍රාමාත්‍යවරයෙකු සහ රජයක් ගෙදර යෑවු අභියාචනාධිකරණ තින්දුව ඓතිහාසික බව හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ගාල්ල නගර මධ්‍යයේ අද (03) පස්වරුවේ පැවැති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා “අද මහින්ද රාජපක්ෂගේ හොර ඇමැති මණ්ඩලයට සහ හොර අගමැතිධූරයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරා සිරා හවුලෙන් අද සිරිසේන තනිවෙලා. මරා පරාද වෙලා. මේ වන විට ජනතා බලය පාර්ලිමේන්තුවේ බලය අධිකරණයේ අපට හිමිවෙලා තිබෙනවා. අද (03) රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී අප ඉල්ලා සිටිනවා අපේ රජය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස. ලෝකයේ පළමු වරට තමයි අධිකරණ තින්දුවක් මත අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලය තහනම් කළේ. අධිකරණ නියෝගයකින් ගෙදර යවපු ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරයා සහ රජය මෙය වනවා. ශ්‍රී ලංකාව ලෝකය පුරා අප්‍රසාදයට පත්ව තිබෙනවා“ යැයි ඔහු කියා සිටියේය.

    අද සිට මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා ජනමාධ්‍යයේ පළ කරන ලෙස ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය. අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් අමාත්‍යවරුන් ලෙස හදුන්වන කියා සිටියේය.

    තවදුරටත් අදහස් දැක්වු රාජිත සෙනාරත්න මහතා - “ශ්‍රී ලංකාව පූජා භූමියක් එම පූජා භූමියේ නිති විරෝධී වැඩ කරන්න බැහැ. අපේ හයියට ජනතාව සිටියා. සිරිසේන මරා හවුල අපේ අගමැතිකම හොරකම් කළා. පිං පොකට් ගැහුවා. අගමැතිකමට ආසා වුනේ රාජපක්ෂ පවුලට ඉදිරිපත්ව ඇති නඩු වලින් බේරීමටයි මනුෂ්‍ය ඝාතන, මුල්‍ය වංචා ඇතුලු නඩු රැසක් ඔහුට එරෙහිව ඉදිරිපත්ව තිබෙනවා. මම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට කැමැතියි රජය බිහි කිරීමෙන් පසු කඩිනම්න් මෙම නඩු ටික අවසන් කරන්න කියලා. යහපාලන රජය අධීකරණයේ ස්වාධින බව ඇති කළා. එම නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියායචනාධිකරණය ස්වාධීන නඩු තින්දු ප්‍රකාශයට පත් කළේ විනිශ්චකවරුන් බය නැතිව නඩු තීන්දු ප්‍රකාශයට පත් කළා. මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ප්‍රකාශයක් කරමින් විනිශ්ච්‍යකාරවරුන් බය කරන්න හැදුවා. නමුත් ඒවාට විනිශ්ච්‍යකාරවරුක් බය වන්නේ නහැ. මහින්ද රාජපක්ෂ මහතා වර්තමානයේ ලොම් හැලිච්ච හිවලෙක්. අපි සටනක් ආරම්භ කරන්නේ ජයග්‍රහණය ලබාගන්න මිස පරාජය අත්පත් කර ගන්න නොවේ යැයි තවදුරටත් කියා සිටියේය.

    “හෙට දින (04) සියලුම ජනතාව කොළඹට පැමිණෙන්න්න. රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස යළි රාජකාරී ඇරඹීමේ අවස්ථාවට සහභාගිවීමට. අපිත් අමාත්‍යංශවලට ගොස් රාජකාරී කටයුතු ආරම්භ කරනවා. මෙම නඩු තින්දුව ඓතිහාසික නඩු තීන්දුවක්. රුහුණු රටේ සිටින විට එම නඩු තීන්දුව අපට ලැබුනේ. ඊනියා ආණ්ඩුව පන්නා දිමීමේ වෙඩි මුර දැන් එකින් එක පත්තු වෙනවා.”

     

     

    Latest News