කොළඹට ජල කප්පාදුවක්

දෙසැ 07, 2019

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (07) පෙරවරු 8.00 තෙක් ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

    කොටිකාවත්ත ප්‍රදේශයේ දී ජල නලයක් පුපුරායාම හේතුවෙන් මෙලෙස ජලය කැපීමක් සිදු කෙරේ. ඒ අනුව කොළඹ 10 හා කොළඹ 12 යන ප්‍රදේශවලට මෙම ජලකප්පාදුව බලපැවැත්වේ. මීට අමතරව කොළඹ 11 හා 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබා දෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

     

     

    Last modified on සෙනසුරාදා, 07 දෙසැම්බර් 2019 09:43

    Latest News