දියුණු රටවලට පුහුණු ශ්‍රමික වෙලඳපොල කෙරෙහි රජයේ අවධනාය

දෙසැ 06, 2019

    මැද පෙරදිග සාම්ප්‍රදායික රැකියා වෙළඳපොල වෙනුවට දියුණු රටවලට පුහුණු ශ්‍රමික වෙලඳපොල කෙරෙහි අවධනාය යොමුවි ඇතැයි විදේශ සබඳතා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    විදේශ සබඳතා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (06) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් මේ බව කියා සිටියේය.

    කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පත්වනු ලැබිණ. විගමණික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ආරක්ෂාව හා සුභසාධනය සාක්ෂාත් කිරීම වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි පියවර සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා සිදුකෙරිණ.

    ministerdinesh1 900px 19 12

    සංචාරයක නිරත කටාර් රාජ්‍යයේ විශේෂ දූත පිරිසක් සමග අමාත්‍යවරයා සාකච්ඡා කළේය. කටාර් රාජ්‍යයේ නව රැකියා ක්ෂේත්‍ර සඳහා ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමු කිරීමේ රැකියා ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කෙරිණ. ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් දියුණුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙත කටාර් රාජ්‍ය නියෝජිතයන්ගේ ප්‍රශංසාව හිමි විය.

    Latest News