දෙමළ ජාතික සන්ධානයට ආනන්ද සංගරිගෙන් ප්‍රබල ප්‍රහාරයක්

දෙසැ 06, 2019

    දෙමළ ජාතික සන්ධානය විසුරුවා හැරිය යුතු බව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතා පවසයි.

    ඔහු චෝදනා කරන්නේ, ඔවුන් මැතිවරණ කාලවලදී පමණක් පෙනී සිටිමින්, දෙමළ ජනතාව රවටා ඡන්ද කොල්ලකන බවයි.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ වී ආනන්දසංගරී මහතා....

    “දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව රවටමින් ඔවුන්ගේ ඡන්දය ලබා ගන්නවා. සෑම ඡන්දයකදීම ඔවුන් දෙමළ ජනතාවට බොරු පොරොන්දු දෙනවා. දෙමළ ජාතික සන්ධානය තුළ සිටින පක්‍ෂ දැන් එම සන්ධානයෙන් ඉවත් වෙන්න පටන් අරන්. තමිල් කොංග්‍රස්, ඊ.පී.ආර්.එල්.එෆ්, ටී.යු.එල්.එෆ් යන පක්‍ෂ දැන් ඉවත් වෙලයි සිටින්නේ. ටෙලෝ පක්‍ෂය දෙකඩ වෙලා. දැන් දෙමළ ජාතික සන්ධානය තුළ අර්බුද උග්‍ර වී තිබෙනවා. මම කියන්නේ මේ සන්ධානය විසුරුවා හැරිය යුතුයි. එහි සාමාජික පක්‍ෂ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතුයි“ යැයි ආනන්දසංගරී මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 19:10

    Latest News