ජනපතිවරණය අස්සේ සිසුන් පාසල්වලට දැමිමේ පැමිණිලි

දෙසැ 05, 2019

    මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නියෝගයක කර තිබේ.

    ඔක්තෝබර් 07 සිට නොවැම්බර් 26 තෙක් මැතිවරණ නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිලි 427ක් ලැබි ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බවට හෙළි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටි.

    ඒ පිළිබඳ කඩිනමින් විමර්ශනය කර, සති තුනක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශ විශේෂ විමර්ශන නිලධාරීන් වෙත නියෝග කර තිබේ.

    Latest News