කාලගුණයෙන් තද වැසි ගැන රතු නිවේදනයක් (වීඩියෝ)

දෙසැ 04, 2019

    තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරුමැ, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද (04) සහ හෙට (05) වැඩි වෙන බවද කාලගුණ අංශ පවසයි.

    ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වේ.

    උතුරුමැද, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය, මන්නාරම, කිලිනොච්චි සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වැසි ඇති විය හැකිවේ. ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං හා අකුණු ඇති වෙයි.

    Last modified on බදාදා, 04 දෙසැම්බර් 2019 19:57

    Latest News