වත්තල අවට ජල කප්පාදුවක්

දෙසැ 02, 2019

    වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි

    ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.

    අදාළ නළ මාර්ගය පිළිසකර කර යථාතත්වයට පත්කළ හැකි වේලාව දැනුම් දීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 13:14

    Latest News