ඉගිනිමිටියත් වාන්දමයි - මීයඔය දෙපස ජනතාවට අනතුරු ඇඟවීම් (වීඩියෝ)

දෙසැ 02, 2019

    ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ. අද (02) උදෑසන වන විට එහි වාන් දොරටුහයම විවෘත කල බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්. එල්. සී. පුෂ්පකුමාර මහතා පවසයි.

    2016 මැයි වාන් දොරටු විවෘත කිරීම සිදුව ඇති අතර වසර තුනකට පසුයි මෙවර ජල මට්ටම ඉහල යාමත් සමග වාන් දොරටු විවෘත කර කිරිම සිදුව ඇත්තේ.

    මේ වන විට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහලින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමිමත් සමග ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පාලනය කිරිම අරමුණින් වාන් දොරටු හයම විවෘත කිරීමට ක්‍රියා කල බව ප්‍රාදේශීය ඉංජීනේරුවරයා පවසයි.

    ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග දොරටු දෙකක් අඩි දෙක බැගින්ද අනෙක් දොරටු හතර අඩිය බැගින්ද විවෘත කර ඇත. එ අනුව තප්පරයට ඝණ අඩි 4000 කට ආසන්න ජල කඳක් මී ඔය දිගේ පහල නිම්නයට ගලා යාම සිදුවේ. ඒ හේතුවෙන් මී ඔය දෙපස පදිංචිකරුවන් විමසිල්ලෙන් පසුවන  ලෙසට වාරි මාර්ග ඉංජීනේරුවරුන් පවසති.

    iginimitiyaspilling1 px 900

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 20:34

    Latest News