පාකිස්ථාන විදේශ ඇමති දිවයිනට

දෙසැ 02, 2019

    දෙදින නිළ සංචාරයක් සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි මහතා දිවයිනට පැමිණියේය.

    ඒ ඊයේ (01) රාත්‍රි ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්. මෙම සංචාරය තුළදී පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මෙරට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවීමට නියමිතයි.

    පකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍ය මහමුද් කුරේෂි එහිදි ප්‍රකාශ කර තිබේ.

    Latest News