වලපනේ නායයාමෙන් අතුරුදහන් වු 03 ගේ සිරුරු සොයා ගනි

දෙසැ 01, 2019

    නුවරඑලිය, වලපනේ, මුන්වත්ත, මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර මේ වන විට සොයාගෙන තිබේ.

    ඊයේ (30) රාත්‍රී 7.30 ට පමණ වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්දක් මාර්ගයට පහලින් වු නිවසකට කඩා වැටිමෙන් නිවසේ සිටි අඹුසැමි යුවලක් සහ පාසල් සිසුන් දෙදෙනෙක් අතුරුදහන් වු බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

    අතුරුදහන්ව සිටි අඹු සැමි යුවලගේ සහ ලබන වසරේ උසස්පෙල විභාගයට පෙනි සිටිමට නියමිත සිටි දැරියගේ සිරුර මෙහෙයුමේ නිරතව සිටින නුවරඑලිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සොයාගෙන තිබේ. හෙට (02) ආරම්භ වන අපොස සාමන්‍ය පෙල විභාගයට පෙනි සිටීමට සුදානමින් සිටි දැරියගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය.

    walapanelandslide1 px 900 1

    නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට එම නිවසින් ඉවත් වන ලෙස අපදා කලමණාකරන ඒකකය මගින් දැනුම් දිමක් සිදු කර ඇත. වලපනේ නායයාමට ලක් වු ස්ථානයේ සිදු කරන මෙහෙයුම් සම්බන්ධයෙන් සොයා බැලිමට දුම්රිය රාජ්‍ය අමාත්‍ය සි. බි. රත්නායක මහතා පැමිණි බව අප වාර්තාකරු පවසයි.

    walapanelandslide px 900 19

    මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක් වු නොර්වුඩ් සහ මස්කෙලිය ප්‍රදේශයේ පවුල් වල සමාජිකයන්ට පිසු ආහාර ලබා දිමට කටයුතු කර තිබේ. ඊයේ (30) ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය හාවාඑලිය සහ කදපොල ගල්පාලම ප්‍රදේශයේ එලවළු වගාවටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

    Latest News