වලපනේ පවුලක් බිලිගත් නායට හේතුවු ගල්කොරිය වැසිමේ තීරණයක්

දෙසැ 04, 2019

    වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයාමට හේතු වු බව කියවෙන ගල්කොරියේ බලපත්‍රය අහොසි කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි. 

    අතුරුදහන් වු කලන පැතුම් සිසුවාගේ සිරුර සොයා දින තුනක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ නුවරඑලිය තුන්වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අසිරු මෙහෙයුමක නිරත වු බවත් ලේකම්වරයා කියා සිටියේය.

    වලපනේ මලපට්ටාව ගල්කොරියට නිකුත් කළ බලපත්‍රය අහොසි කරන ලෙස බලකරමින් වලපනේ ප්‍රදේශයේ මහ සංඝරත්නය, ප්‍රදේශවාසින් එක්ව ඊයේ (03) වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ  කළ  සත්‍යග්‍රහයේ නිරත වු ජනතාව අමතමින් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දුනී.

    walapanelandslide px 900 19

    නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා......

    ප්‍රදේශයට පවතින වර්ෂව නිසා සෙවිම් කටයුතු සිදු කරන්න ඉතාමත් අපහසුයි, යුධ හමුදාවෙන් අපිට ප්‍රකාශයක් කලා තවදුරටත් සෙවිම් කටයුතු සිදු කිරිම නිෂ්ඵල කාර්යයක් බව. මේ ප්‍රදේශයේ විශාල ගල් සහිත ප්‍රදේශයක්, කැනිම් කටයුතු සිදු කලා. ආපසු වර්ෂාවක් පතිත වුණ වහාම කැනිම් කටයුතු සිදු කරපු ස්ථානවලට පස් පිරෙනවා. දැනට එ පවුලේ ජිවත්ව සිටින අය දැනුවත් කලා කැනිම් කටයුතු සිදු කරන්න අපහසු බව, එ අනුව එ අය පැවසුවා කැනිම් කටයුතු සිදු කිරිම නතර කරන ලෙස. ඔවුන්ගේ එකගතාවය ලිඛිතව අපිට ලබා දිලා තියෙනවා.

    මේ සිද්ධිය සිදු වු වහාම වලපනේ පොලිසියේ නිලධාරින්, මතුරට පොලිසියේ නිලධාරින්, අනෙකුත් පොලිස් ස්ථානවල නිලධාරින්, නුවරඑලිය තුන්වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජ්ර් අසිත රණතිලක මහතා ඇතුළු පිරිස එදින රාත්‍රියේ සිටම මෙම ස්ථානයට ඇවිල්ලා මෙහෙයුම් කටයුතු වල නියැලුණා.

    මෙම මෙහෙයුමට සහයෝගය දැක් වු ශ්‍රී ලංකා යුධ හමුදාවේ තුන්වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු භට පිරිසටත්, පොලිසියේ නිලධාරින්ටත්, ප්‍රදේශවාසින්ටත් මෙම කටයුත්ත සිදු කිරිමට සහයෝගය දැක්විම සම්බන්ධයෙන් මම ස්තුතිය පුද කරනවා.

    වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගල්කොරියට භුවිද්‍යා සහ පතල් කැණිම් කාර්යයංශය තමයි බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ, මම ලිඛිතව දැනුම් දුන්නා ගල් කොරිය සම්බන්ධයෙන් මහජන විරෝධයක් පවතින බවත්, නැවත සැරයක් මේ ගල්කොරිය ආරම්භ කරනවා නම් ඉහල මට්ටමේ තාක්ෂණික පරික්ෂණයක් සිදු කරන ලෙස.

    එ අනුව කොළඹ ප්‍රධාන කාර්යයාලයෙන් නියෝගය ලැබෙනවා මෙම ගල්කොරිය වහාම අත්හිටුවන්න කියලා, මෙහෙයුමේ නිතරව සිටි කාලයේ මෙම ගල්කොරියේ කටයුතු සිදු වුණේ නැ. ඉදිරියේටත් ගල් කොරියේ කටයුතු සිදු නොකරන්න කටයුතු සුදානම් කරලා තියෙනවා භු විද්‍ය සහ පතල් කැනිම් කාර්යයංශය මගින්. මධ්‍යම පරිසර අධිකාරිය මගිනුත් මෙම ගල්කොරිය අත්හිටුවිම සදහා ඔහුන්ගේ ප්‍රධාන කාර්යාලය දැනුවත් කරලා තියෙනවා යැයි ඔහු කියා සිටියේය.

    වලපනේ මලපට්ටාව ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර ඇති බලපත්‍රය අහොසි කරන ලෙස බලකරමින් වලපනේ ප්‍රදේශයේ මහ සංඝරත්නය, ප්‍රදේශවාසින් එක්ව ඊයේ (03) වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ සත්‍යග්‍රහයක නිතර වුහ.

    Latest News