රෝයල් පාක් ඝාතනයේ ජූඩ් ශ්‍රමන්තට විදේශගත වීමේ තහනමක්: හිටපු ජනපති මෛත්‍රී පෞද්ගලික වග උත්තරකරුවෙක්

නොවැ 29, 2019

    රෝයල් පාක් ඝාතනයේ මරණ දඬුවමෙන් ජනාධිපති සමාව ලැබු ජූඩ් ශ්‍රමන්ත ජයමාන්නට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේඨාධිකරණය විසින් තහනම් නියෝගයක් අද නිකුත් කළේය. 

    පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබිණ.

    කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    මරණය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් දහසකට අධික පිරිසක් අතුරෙන් මෙම නඩුවට පාදක පුද්ගලයා පමණක් තෝරාගෙන සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනපති ගත් තීරණය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේය. ජනාධිපති සමාව ලැබු ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා අවධාරනය කළේය.

    ඒ අනුව පෙත්සම නැවත දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ජූඩ් ශාන්තට විදේශගතවීම වලක්වාලමින් ලබන 10 තෙක් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කෙරිණ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව පෞද්ගලිකවම වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය ට නියම කළේය.

    නඩුවේ වගඋත්තරකරුවකු වන ජුඩ් ෂර්මන්ත ජයමාන්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය

    මරණ දඬුවම නියමව සිටින විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපති බලය ඇතත් බරපතල අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින ජූඩ් ශ්‍රමන්ත වැනි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය කියා සිටි. එබැවින් අදාළ විත්තිකරුට ප්‍රදානය කර ඇති ජනාධිපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බවට තීන්දු කොට එම විත්තිකරු නැවත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් එම සංවිධානය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    විත්තිකරුට විදේශගත වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කාර සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

    Last modified on සිකුරාදා, 29 නොවැම්බර් 2019 12:32

    Latest News