ඇමති ජොන්ස්ටන්ගේ සතොස සේවක නඩුවට නිතිඥ ඉල්ලීමක්

නොවැ 29, 2019

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ස.තො.ස අයත් සේවකයින් 153 දෙනෙකු රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කිරිමේ නඩුව ජනවාරි 20 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩුව අද කැඳවනු ලැබිණ.

     මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය.

    ඒ අනුව නඩුව නැවත ජනවාරි මස 20 වනදා කැඳවීමට අධිකරණය විසින් නියම කෙරිණ.

    Latest News