නියෝජ්‍ය හා රාජ්‍ය නව ඇමතිවරු අද දිවුරුම් දෙයි

නොවැ 27, 2019

    නව අන්තර්වාර ආණ්ඩුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද උදෑසන 9.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතයි. 

    ඒ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරියේ.  අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව, නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.  ව්‍යවස්ථානුකූලව මහ මැතිවරණය පැවැත්වෙන තෙක් කෙටි කාලසීමාවක් සඳහා පත් කෙරුණු අන්තර්වාර ආණ්ඩුවේ 15 දෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලය පසුගිය 22 වැනිදා පත් කෙරිණ. 

    රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් පසුව නව රජයේ ප්‍රථම කැබිනට් මණ්ඩලය රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 08:06

    Latest News