මොහාන් සමරනායක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

නොවැ 26, 2019

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබේ.

    ඔහු ඊයේ එම තනතුරේ වැඩ බාර ගත්තේය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 04ක අත්දැකීම් සහිත සමරනායක මහාත ජනමාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත්පතේ උපකතෘවරයෙකු ලෙසයි. ඉන් පසු ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරවරයෙකු ලෙස සේවය කළ අතර වසර 5කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරයද හෙබවූවා. අනතුරුව එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස ද දිගු කළක් සේවය කළ ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය. මොහාන් සමරනායක මහතා ජනාධිපති ප්‍රකාශක තනතුරෙහි ද සේවය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 12:59

    Latest News