සිඩ්නි හා මහේෂාන්ට එරෙහි නඩුවට නීතිපති උපදෙස් කැඳවීමට නියෝග

නොවැ 26, 2019

    එම් බී එස් එල් රක්ෂණ සමාගමට රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 42ක ණය මුදලක් ලබා ගෙන එම මුදල් තම ව්‍යාපාර වල යොදවා වංචා කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සිඩ්නි ලෝරන් ගජනායක හා හිටපු ගණකාධිවරයෙකු වන මහේෂාන් අල්විස් එරෙහි නඩුව ලබන ලබන වසරේ මාර්තු මස 31 වැනිදා නිතිපති උපදෙස් සඳහා කැඳවන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.

    එම නඩුවට අදාළව ඇප මත සිටින එම සමාගමේ හිටපු අධ්‍යක්ෂ වරයකු වන සිඩ්නි ලෝරන්ස් ගජනායක සහ හිටපු ගණකාධිකාරීවරයකු වන මහේෂාන් ද අල්විස් යන දෙදෙනා අද අධිකරණයේ පෙනි සිටියේය. දූෂණ විරෝධී කමිටු කාර්යාලය මගින් යොමු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කර අධිකරණයට පැමිණිල්ල ගොනු කර තිබේ.

    සිද්ධියට අදාළ නඩුව ලබන මාර්තු මස 31 වනදා යළි කැඳවීමට නියමිතයි.

    Latest News