ජාකොටු තුල සිරවූ කැස්බෑවන් 25ක් මුදාගැනේ

නොවැ 25, 2019

    මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ දී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 25 දෙනෙකු මුදා ගැනීමට නාවික හමුදාව කටයුතු කළේය.

    ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක් තුල මොවුන් සිරවී සිටි බවයි නාවික හමුදාව පවසන්නේ. වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකියි. එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය. මෙම වඳවි යන සත්ව විශේෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘නීල හරිත සංග්‍රාමය’ යටතේ කැස්බෑ සංරක්‍ෂණය සඳහා ද නාවික පුද්ගලයින් සිය දායකත්වය සැපයිමට නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.

    6

    3

    2

    1

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 10:25

    Latest News