ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ජනාධිපතිතුමා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් සන්නද්ධ හමුදා කැඳවූයේ, මහජන ආරක්ෂාව වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් බවත්, හමුදා පාලනයක් ගෙනයාමට කිසිඳු අදහසක් නොමැති බවත්, නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා අද උදෑසන සිය ධුරයේ අද වැඩ භාර ගත්තේය. ඒ පෙරවරු 8.15ට යෙදුණු සුබ මොහොතින් ආරක්ෂක අමාත්‍යාංශයේ දී.

2010 වසරේ දී ඉපලෝගම "රණජයපුර" රණවිරු ගම්මානයේ නිවාස ප්‍රදානය තිරීමේදී සිදුවූ සිද්ධියකදී එවකට සිටි නායකයින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්, රණවිරුවන් පිරිසක් අද මාධ්‍යයට අනාවරණයක් කළේය.

Latest News