කැබ් රථය අඩි 50 ක ප්‍රපාතයකට

නොවැ 24, 2019

    බලංගොඩ සිට නොර්වුඩ් දක්වා එලවළු ප්‍රවාහනය කරන ලද කැබ් රථයක් චැපල්ටන් වත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයෙන් වු තේ වත්තකට පෙරලී තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද (24) අලුයම 5.30 ට පමණ. ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරමින් සිටි වල් ඌරන් රංචුවක් මගහැර යාමට උත්සහ කිරිමේ දී අනතුර සිදුව ඇති බවයි, පොලීසිය පවසන්නේ. කැබ් රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයාට කිසිදු අනතුරක් නොමැත. ප්‍රවාහන කරමින් තිබූ එලවළු වලට දැඩි අලාභ හානි සිදුව තිබේ. අනතුර පිළිබඳව බගවන්තලාව පොලිසිය මගින් පරික්ෂණ ක්‍රියාත්මකයි.

    05

    06

    07

    01

    Latest News