ජනාධිපතිවරණය වඩාත් සාමකාමී හා නීතිගරුක එකක්; විදෙස් නිරීක්‍ෂකයින් (වීඩියෝ)

නොවැ 18, 2019

    ශ්‍රී ලංකාවේ 2019 ජනාධිපතිවරණය වඩාත් සාමකාමී හා හොඳින් කළමනාකරණය වූ එකක් බව විදෙස් මැතිවරණ නිරීක්‍ෂකයන් පවසති.

    මැතිවරණ පිළිබඳ මූලික නිරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරමින් ඔවුන් අද මේ බව පැවසීය. යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්‍ෂණ මෙහෙයුමේ මුලික වාර්තාව අද කොළඹදී ඉදිරිපත් කෙරිණ. ඒ ප්‍රධාන නිරීක්‍ෂණ මරිසා මැටියස්ගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණය නිරීක්‍ෂණය කළ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්‍ෂකයන් පශ්චාත් මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු වෙනුවෙන් ලබන දෙසැම්බර් මස මැද භාගය තෙක් දිවයිනේ රැඳී සිටී.

    එහි ප්‍රධාන නිරීක්‍ෂක මරිසා මැටියස්...

    “සම්භවය, ආගම හෝ සමාජ තත්වය නොසලකා සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උරෙනුර ගැටී ශ්‍රී ලාංකිකයන් භාවිත කරනු දක්නට ලැබීම සතුටක්. එමගින් පෙනී යන්නේ ඔවුන්ට එක්ව වැඩ කිරීමට අවශ්‍ය බව. දේශපාලනඥයින් සහ නායකයින් මෙය තේරුම් ගෙන රට එක්සත් කිරීමට ක්‍රියා කළ යුතුයි“.

    නිදහස් මැතිවරණයක් සඳහා ආසියා ජාලය හෙවත් ඇන්ෆ්‍රල් මැතිවරණ නිරීක්‍ෂකයන් ද කොළඹ දී මාධ්‍ය වෙත අද සිය මූලික වාර්තා ඉදිරිපත් කළේය. ඔවුන්ද කියා සිටියේ මෙවර මැතිවරණය වඩාත් සාමකාමී හා නීතිගරුක එකක් බවයි.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 20:37

    Latest News