ජනපති ගෝඨාභයගේ ප්‍රතිපත්තියට රාජ්‍ය සේවකයින්ගෙන් සහතිකයක්

නොවැ 18, 2019

    දිස්ත්‍රික්ක 22න් 17ක තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමත්විය.

    රාජ්‍ය සේවකයන් එතුමාගේ ප්‍රතිපත්ති අනුමත කර ඇති ආකාරය තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන්ම නිරූපනය වන බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි. දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵලයෙන් පරාජයට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සමත්විය.

    මාතර, හම්බන්තොට, කෑගල්ල, ගාල්ල, ගම්පහ, මොණරාගල, රත්නපුර, අනුරාධපුර, කොළඹ, මාතලේ, බදුල්ල, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළේ, 60% ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවකින්. පොළොන්නරුව, පුත්තලම සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් රාජපක්‍ෂ මැතිතුමාට 55% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබේ.

    එක්සත් ජාතික පක්‍ෂයට වඩාත් වාසිදායක යැයි සැලකෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හිමිකර ගෙන ඇති තැපැල් ඡන්ද ප්‍රමාණය 65%ක්. 2010-2015 කාල සීමාවේ කොළඹ නගර අලංකරණයට රාජපක්‍ෂ මැතිතුමා ගෙන ගිය වැඩසටහන රාජ්‍ය සේවකයින් ඉහළින් අනුමත කර ඇති බව මෙමඟින් තහවුරු වී ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 20:01

    Latest News