කොළඹ ජල කප්පාදුවක්

නොවැ 18, 2019

    කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    කොළඹ කොටුව,පිටකොටුව,චිත්තප්පලම් ඒ.ගාඩිනර් මාවත,ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාළාගාකන්ද තටාකය දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ සිදුව ඇති කාන්දුවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි,ජලාපවහන මණ්ඩලය පවසන්නේ.
    එමෙන්ම කොළඹ 12 හා 13 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 11:43

    Latest News