ඡන්දයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ පැමිණීම ඉහළයි කීමේ පදනමක් නෑ..  

නොවැ 15, 2019

    ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් පැමිණෙන බවට ගෙන යන ප්‍රචාරවල කිසිඳු පදනමක් නැතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලින් තහවුරු වෙයි. එම දත්ත අනූව පෙන්නුම් කෙරෙන්නේ, සුවිශේෂ කාර්ණාවක් සේ සලකා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේ වර්ධනයක් සිදුව නැති බවයි.

    2019 වසරේ නොවැම්බර් පළමු දින සිට 11 වැනි දින දක්වා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්ගේ සංඛ්‍යාව 809ක් බව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලින් ප්‍රකාශ වෙයි. 2018 වර්ෂයේ නොවැම්බර් පළමු දින සිට 11 වැනි දින දක්වා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුරවැසියන් සංඛ්‍යාව 39,553ක් වෙයි. 2018 වර්ෂයේ දී, නොවැම්බර් පළමු දින සිට 11 වැනි දින දක්වා මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සංඛ්‍යාව 38,325ක්. මෙම තොරතුරු ප්‍රකාශ වූයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනූවයි.

     

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 16:58

    Latest News