මැතිවරණයේ නිරික්ෂණයට විදේශිකයන් 153 ක්

නොවැ 15, 2019

    මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ආරාධනාවෙන් ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට මේ වනවිට විදේශීය නිරීක්ෂකයින් 153 පැමිණ සිටින බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ආසියානු මැතිවරණ ජාලය නියෝජනය කරමින් නිරීක්ෂකයින් 45 හා යුරෝපා හවුල නියෝජනය කරමින් නිරීක්ෂකයින් 88 ක් සහ පොදුරාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් නිරීක්ෂකයින් 20 ක් මේ වනවිට දිවයිනට පැමිණ ඇති බව ද එම සංවිධානය පෙන්වා දේ.

    මීට අමතරව මැතිවරණය පැවැත්වෙන දිනයේදී පැෆරල් සංවිධානය විසින් නිරීක්ෂකයින් 5000 ක් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මගින් නිරීක්ෂකයින් 4000 ක් යෙදවීමට නියමිතයි.

    Latest News