සූක්ෂමව මෙහෙයවු කොළඹ ත්‍රිරෝද රථ කොල්ලය 08ක් සමඟ මාට්ටු

නොවැ 15, 2019

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි ත්‍රීරෝද රථ සහ යතුරු පැදි සොරකම් කර ව්‍යාජ ලෙස සකස් කර සහ කොටස් කර විකිණීමේ නිරත පුද්ගලයින් 08ක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද පැමිණිලි අනුව දිර්ඝ විමර්ශනයකින් පසු මෙම වැටලීම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    මේ අනුව අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි ත්‍රිරෝද රථයක් සමග සකකරුවෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ දිර්ඝ ප්‍රශ්න කිරිම් වලින් පසු තවත් සැකකරුවන් 08 ක් සමඟ කොටස් කළ ත්‍රිරෝද රථ සොයාගෙන තිබේ.

    සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 17ක්, යතුරු පැදි 04ක්, කොටස් කළ ත්‍රිරෝද රථ 05 සහ ත්‍රිරෝද රථ එන්ජින් 04 ක් අත්අඩංගුවට ගත් දේපල අතර වන බව පොලිසිය පවසයි.

    threewheel1 px 900 16 11 19

    Last modified on සිකුරාදා, 15 නොවැම්බර් 2019 14:58

    Latest News