ගින්නෝරුව රක්ෂිතයේ නිධන් හැරූ 3කට මාංචු

දෙසැ 18, 2018

    ගිරාඳුරුකෝට්ටේ, ගින්නෝරුව කඳවුර රක්ෂිතයේ නිධන් හාරමින් සිටි තිදෙනෙක් ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

    සැකකරුවන් ගිරාඳුරුකෝට්ටේ, මොනරාගල හා මාතලේ පදිංචිකරුවන්ය.  රක්ෂිතයේ ගල් තලාව ප්‍රදේශයේ දින කිහිපයක සිට නිධන් සොයමින් කණ්ඩායමක් සැරිසරන බවට පොලීසියට තොරුතුරු ලැබී තිබිණ.  ඒ අනූව, පොලිස් නිලධාරීන් පිරිසක්, වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරුවන් පලා ගිය අතර ඉන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  කැණීම් සඳහා යොදා ගත් පූජා භාණ්ඩ සහ ආයුධ තොගයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

    පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.  අත්අඩංගුවටගත් සැකකරුවන් මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    මේ අතර, මහියංගනය, හසලක, 7 ඇල ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි සිව් දෙනෙක් උපකරණ තොගයක් සමග හසලක පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.  හසලක සහ ගිරාඳුරුකෝට්ටේ පදිංචිකරුවන් වන ඔවුන්, අද මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News