බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටි වාහන ගමනට බාධා

නොවැ 14, 2019

    හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබේ.

    අද (14) පස්වරු 4 ට පමණ ප්‍රධාන මාර්ගයට ඉහලින් වු තේ වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක කොටසක් මෙලෙස කඩා වැටි ඇති අතර රථවාහන ගමන එක් මංතිරුවකට සිමා කර ඇත.

    ප්‍රධාන මාර්ගයට ඉහලින් වතු කම්කරුවන්ට පානිය ජලය ලබා දෙමින් තිබු ජල නලයක් කාන්දු විම නිසා පස් කන්ද කඩා වැටි ඇති බව පොලිසිය සැක පල කරයි. ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව හැටන් පොලිසිය පැවසිය

    Latest News