ඡන්ද අත්පත්‍රිකා බෙදමින් සිටි අයෙක් අත්අඩංගුවට

නොවැ 14, 2019

    ඡන්ද අත්පත්‍රිකා සමඟ සැකකරුවෙක් දුම්මලසූරිය පොලිස් වසමේ වීරකොඩියාන ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    මෙම ප්‍රදේශයේ දී නිවසින් නිවසට ගොස් ඡන්ද අත්පත්‍රිකා බෙදමින් සිටිය දී මෙම පුද්ගලයා දුම්මලසූරිය පොලීසිය විසින් අද(14) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අත්පත්‍රිකා 155ක් , ලියුම් කවර 30 ක් හා සැකකරු පැමිණි යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.

    මෙම සැකකරු වයස අවුරුදු 27 ක් වු නො 425, කටුහේනවත්ත, පහළ වීරකොඩියාන, වීරකොඩියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මාදම්පේ පොලිස් වසමේ පාසලක මුරකරුවෙකු ලෙස සේවය කරන බවට අනාවරණය වී තිබේ.

    දුම්මලසූරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Latest News