සෙල්ලකතරගම දී වෙඩි තැබූ සැකකරුවන් හඳුනාගැනේ

නොවැ 11, 2019

    කතරගම - සෙල්ලකතරගම, බෝගහ හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

    වෙඩි තැබීම සිදුවුයේ ඊයේ පස්වරුවේ 4.45ට පමණ. සිද්ධියෙක් මිය ගියේ 26 හැවිරිදි සෙල්ලකතරගම පදිංචි එදිරි සූරියගේ ශිරාන් අරුණසිරි යන අයයි. 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සිද්ධියෙන් තුවාල ලැබූවේය. සිද්ධියට හේතුව පවුල් ආරවුලක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

     

     

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 09:24

    Latest News