යොවුන් පරපුර සවිමත් කිරීමට ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කළ යුුතුයි..ගෝඨාභය

නොවැ 11, 2019

    යොවුන් පරපුර සවිබල ගැන්වීමට නම් ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට ඇති අවස්ථා තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.

    තරුණයන් වෙනුවෙන් නව රැකියා උත්පාදනයට ද තමන් ප්‍රමුඛතාව ලබා දෙන බවයි ඔහු අවධාරණය කළේ. උසස් අධ්‍යාපනයට ඇති අවස්ථා වැඩි කිරීමට සහ පාඨමාලාවල අන්තර්ගතය කාලීනව සංශෝධනය කිරීමට ද කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ බදුල්ලේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 09:09

    Latest News