තහනම් දැලෙන් මාළු ඇල්ලූ 10කට මාංචු

නොවැ 11, 2019

    ත්‍රිකුණාමලය, එලිසබෙත් දූපත මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.

    නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන් වයස අවුරුදු 31 ත් 46 ත් අතර පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්. ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් , ධීවර ආම්පන්න කිහිපයක් සහ මිටර් 225 දිගැති තහනම් දැලක් නාවික හමුදා බාරයට ගැනිණ.

    සැකකරුවන් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දී තිබේ. මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන අතර, එබැවින් මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.

     

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 09:41

    Latest News