පොහොට්ටුවේ මන්ත්‍රි ආබාධිත සෙබලාට පහරදී ඝාතනය කරන බවට තර්ජනයක්

නොවැ 10, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදු කළ පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබලෙකු තුවාල ලබා තිබේ.

    ඩබ්ලියු එම් කරුණාපාල නැමැති මෙම හමුදා සෙබලා මැටියගනේ ප්‍රදේශයේ වෙළෙදසැලක් පවත්වාගෙන යන ලබයි.

    එම වෙළෙදසැලට පැමිණි අරුණ ශාන්ත මන්ත්‍රීවරයා හමුදා සෙබලාට පහාර දී වෙලෙදසැලට ද අලාභ හානි සිදු කර ඇතැයි නාරම්මල පොලිසිය පවසයි. මෙම සිද්ධිය පසුගිය හයවැනිදා සිදුව තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට නාරම්මල පොලිසිය ‍මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. පහාරදීමෙන් තුවාල ලැබූ සෙබලාගේ බිරිද සහ ප්‍රදේශවාසින් එක්ව නාරම්මල බස්නැවතුම්පල ඉදිරිපිට අද දින විරෝධතාවකද නිරත විණ. දේශපාලන රැකවරණ මත මන්ත්‍රීවරයා සැගව සිටින බව ඔවුන් චෝදනා කරමින් විරෝධතාව දක්වුන ලැබුවේය.

    නාරම්මල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත තම ස්වාමි පුර්ෂයාට පහරදී ඝාතනය කරන බවට ප්‍රකාශ කර ගිය බව පහර කැමට ලක්වු ආබාධිත සෙබලාගේ බිරිඳ කියා සිටින්නීය.

    Latest News