රියදුරු බලපත්‍රවල වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

අප්‍රේ 02, 2021

    මේ මස 01 වැනිදා සිට කල් ඉකුත් වන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය සැප්තැම්බර් 30 වැනිදා තෙක් දීර්ඝ කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඊයේ (01 වැනිදා) පැවසීය.

    කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් පැවතීම හා කාර්යාලවල කටයුතු සීමා කර තිබීම පදනම් කරගනිමින් මෙම පියවර ගෙන තිබේ.

    මීට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍යවරයා අත්සන් තබා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

    වසංගත තත්ත්වය නිසා අවස්ථා කිහිපයකදීම රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කළ බවත් මෙය බොහෝ විට අවසන් අවස්ථාව වනු ඇති බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News