හිස්බුල්ලා සහ අතුරලියේ රතන හිමි එකම වේදිකාවේ: ෂරියා විශ්ව විද්‍යාලය පිරිවෙනක් වේ: ටිල්වින්

නොවැ 09, 2019

    ඉස්බුල්ලා සහ අතුරුලියේ රතන හිමියන් දැන් එකම වේදිකාවේ බවත්, ෂරියා විශ්ව විද්‍යාලය පිරිවෙනක් වෙලාද? යන බව රටට ප්‍රශ්නයක් වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය.

    ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා ඊයේ (08) පස්වරුවේ නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති ප්‍රචාරක රැස්විමක් අමතමින් ටිල්වින් සිල්වා මහතා ඒ බව කියා සිටියේය.

    මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා......

    “ පහුගිය අප්‍රේල් 21 අපේ රටට බොම්බ ප්‍රහාරයක් එල්ල වුණා, එකට වග කියන්න ඕනි එක්කතරා මුස්ලිම් කණ්ඩයමක්, මහින්ද රාජපක්ෂ මහත්තයා මොකක්ද කලේ රට පුරා මුස්ලිම් විරෝධි ව්‍යාපාරයක් සිදු කලා, මුස්ලිම් ජනතාව බයෙන් ජිවත් වුණා. අපි දන්නවා එකට පොදු මුස්ලිම් ජනයා වග කියන්න ඕනි නැ, පොදු මුස්ලිම් ජනයා ඒකට විරුද්ධයි. මුස්ලිම් විරෝධයක් ඇති කරලා සිංහල ජනයාගේ කැමැත්ත ගන්න හැදුවා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හාමුදුරුවෝ දලදා මාලිගාව ඉදිරිපිට මාරාන්ති උපවාසයක් ආරම්භ කලා. ආසඩ්සාලි, බදුර්ඩින්, ඉස්බුල්ලා, සියළු දෙනාව තනතුරුවලින් ඉවත් කරන්න, තැන්තම් මෙතන මැරෙනවා කියලා උපවාස කලා. ඊට පස්සේ පොස්ටර් ගැහුවා රතන හාමුදුරුවන්ට මොනවා වුනොත් අපි ගිනිතියා ගන්නවා කියලා. අපිත් බය වෙලා හිටියේ මොකක් හරි වුනොත් රට ගිනිතියා ගනි කියලා. එ වෙලාවේ මුස්ලිම් නායකයෝ තනතුරුවලින් ඉවත් වුණා, ඊට පස්සේ රතන හාමුදුරුවෝ නැගිට්ටා. ඊට පස්සේ මේ ජන්දෙදි ඉස්බුල්ලා මහතා තිරණය කලා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්න. රතන හාමුදුරුවොත් තිරණය කලා ගෝඨාභය රාජපක්ෂ මහතාට උදව් කරන්න. දැන් ඉස්බුල්ලයි රතන හාමුදුරුවොයි දෙන්නම ඉන්නවනේ එකම වේදිකාවේ, දැන් කාටද ලැජ්ජ නැත්තේ, කෝ දේශපාලන සාදාචාරය? එ කාලේ කැ ගැහුවා ඉස්බුල්ලා හදපු විශ්ව විද්‍යාලය ෂරියා විශ්ව විද්‍යාලයක් කියලා,එක හොද නැ තමයි එක ඇත්ත, දැන් මුකුත් කියන්නේ නැනේ ,ෂරියා විශ්ව විද්‍යාලය පිරිවෙනක් වෙලාද? මේ දේශාපලනය නෙවෙයි මේ දෙබිඩිකම, එ නිසා මේ අය තමන්ට ඕනි වුණාම ජාතිවාදය පතුරනවා, ඕනි නැති වුණාම පාඩුවේ ඉන්නවා. එ නිසා තමයි දේශපාලනය ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක් වෙලා තියෙන්නේ“ යනුවෙන් පැවසිය.

    Latest News