කාශ්‍යප හිමියන් උපවාසය අත්හරියි

නොවැ 06, 2019

    අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පූජ්‍ය උඩදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය නවතා දමා තිබේ.

    ඒ අදාළ ගිවිසුම අත්සන් නොකරණ බවට දන්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිපියක් ලැබීමෙන් අනතුරුවයි. කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කාශ්‍යප හිමියන් විසින් මෙම උපවාසය ආරම්භ ක‍ළේ ඊයේ දිනයේදීයි.

    ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසුව එම ගිවිසුම අත්සන් තබන්නේ නම් එය සිදුකරන්නේ පාර්ලිමේන්තුවේදි හා ඉන් පිටතදි සිදුකරන සංවාදයකින් පසුව බවයි.

    තමන් කිසිම විටක රටට අහිතකර ගිවිසුමකට නොඑළඹෙන බවත් එමෙන්ම මෙම ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනිමේදි ඒ ගැන උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ජා කොට අවවාද අනුශාසනා ලබා ගන්නා බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

    IMG 20191106 022936

    මේ අතර මාරාන්තික උපවාසයේ නිරත කාශ්‍යප හිමියන් වෙත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද ලිපියක් යොමු කර තිබේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබූ ලිපියේ ගිවිසුමේ නම හෝ අමෙරිකාවේ නම හෝ සඳහන්ව නොතිබීම විශේෂත්වයකි.

    IMG 20191106 022939

     

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 10:02

    Latest News