මත්ද්‍රව්‍ය 200kgක් ගාලු මුහුදු තීරයේ දී අත්අඩංගුවට

නොවැ 04, 2019

    හෙරෝයින් යැයි සැක කෙරෙන ද්‍රව්‍ය කිලෝගෑම් 200ක් නාවික හමුදාව විසින් අත්අංඩගුවට ගෙන තිබේ.

    නාවික හමුදාව විසින් ගාල්ලට නුදුරු මුහුදු තීරයේ සිදු කල විශේෂ මෙහෙයුමක් අතරතුර සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත. ඒ අනුව, අදාල ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 05 දෙනෙකු ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ‍ගෙන ඇත.

    නාවික හමුදාව සොයා ගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය ‍මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කරන අතර, අත්අඩංගුවට ගත් යාත්‍රාව, පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීම‍ට නියමිතය.

    3

    1

     2

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 10:36

    Latest News