පොලිස් නිලධාරීන්ට තැපැල් ඡන්ද සළකුණු කිරීම අද හා හෙට

නොවැ 04, 2019

    2019 ජනාධිපතිවරණයට පොලිස් නිලධාරින්ට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.

    ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
    අදාල දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන ඡන්ද හිමියන්ට ලබන 07 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරිමට හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
    තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වූයේ පසුගිය 31 වැනිදායි.

    ඒ අනුව පසුගිය 31 සහ 01 වැනිදා යන දිනයන්හි රාජ්‍ය ආයතනවල සහ හමුදාවන්හි රාජකාරි නියුතු තැපැල් ඡන්ද හිමිවන්ට හට තැපැල් ඡන්දය සලකුණු කිරිමට අවස්ථාව හිමිවිය. මෙවර ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉල්ලුම්කළ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත්‍ර පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්පේෂව වී ඇති බව ද වාර්තා වෙයි.

    ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වූ ඡන්ද දායකයින්ට ඡනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේ සාමාන්‍ය පරිදි ඡන්දය භාවිතා කිරිමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 07:02

    Latest News