අද ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

නොවැ 03, 2019

    ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

    අද දිනය තුළ නිවෙස්වල රැඳී සිටිමින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමට සහය පල කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ජනාධිපතිවරණයට අදාළ නිළ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම පසුගිය 25 වන දින ආරම්භ වූ අතර එය ලබන 09 වන දා අවසන් කිරිමට නියමිතයි.

    නොවැම්බර් 09 වැනිදාට පෙර නිළ ඡන්ද පත්‍රිකා නොලැබුන ඡන්ද හිමියන්ට 2018 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළව තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බව තැපැල්පති පවසයි.

    Latest News