බෙලිඅත්ත SLFP රැස්වීම පොලිසියෙන් නවතයි: අමවීර කථාව නවතා මාරුවේ (වීඩියෝ)

නොවැ 02, 2019

    බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය. 

    අද (02) උදෑසන 10ට පමණ ආරම්භ වූ බලමණ්ඩල රැස්වීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා අමතමින් සිටියදී පොලීසියේ දැනුම්දීම මත මෙම රැස්වීම අතරමග නවතා තිබේ.

    පොලිසියේ දැනුම් දීම මහින්ද අමරවීර මහතා දැනගත් පසු පොලිසිය රැස්වීම නැවැත්වීමට දැනුම් දී ඇතැයි පවසමින් කථාව අවසන් කරන බව පවසා වේදිකාවෙන් බැස ගියේය. එම අවස්ථාව වන විට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද රැස්වීමට සහභාගි වීමට පැමිණ සිටියේය. රැස්වීම අතරමග නවතා දැමූ නිසා චමල් රාජපක්ෂ මහතා රැස්වීමට පැමිණි පිරිස සමග සුහද කථාබහකින් පසු රැස්වීම් භූමියෙන් පිටව ගියේය.

    පොලිසිය පැවසුවේ අදාල රැස්වීම සඳහා පොලිසියෙන් නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත රැස්වීම නැවැත්වීමට සංවිධායකයින්ට දැනුම් දුන් බවයි.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 20:13

    Latest News