7 වැනි විධායක ජනාධිපති නිවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි; රෝහිත අබේගුණවර්ධන

නොවැ 01, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ යේ මාධ්‍ය හමු කිහිපයක් කොළඹ දී අද පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා...

    “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2016 නොවැම්බර් පළමුවැනිදා ආරම්භ කරපු පක්‍ෂය අද තුන්වැනි අවුරුද්දේ උපන් දිනය සමරන දවස. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බැසිල් රාජපක්‍ෂ අපේ පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ උපදෙස් අනුව පළමු වසර සමරන්නට පෙර අති දැවැන්ත ගෝල්ෆේස් පිටිය සහ මුළු කොළඹම වට කරලා ඉතාම ජන ගඟක් ලංකා දේශපාලන ඉතිහාසයේ එකතු කරන්න පුලුවන් කම ලැබුණා පළමු වසරට පෙර. ඒ වගේම දෙවන වසරට පෙර අපිට පුලුවන් කම ලැබුණා පළාත් පාලන මැතිවරණයේදී 85%ක ජයග්‍රහණයක් ලබාගන්න. තුන්වන වසර නොවැම්බර් මාසයේ 16 වැනිදට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පුලුවන්කම ලැබෙනවා ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාව මේ රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්කරන ඒ වැඩපිළිවෙළේ ප්‍රධාන නිවස බවට පත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ“ යැයි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය..

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා...

    “සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සීමාවක් නැහැ කියන ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒක ප්‍රතිපත්ති ප්‍රකාශයක් නෙමෙයි. ඒක සිහින මාළිගාවක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක මං හිතන්නේ මේ රටේ සියලුම ජනතාවට ඉතාමත්ම පැහැදිලිව පෙනෙනවා ඇති නිංක පොරොන්දු මාලාවක් දීලා තියෙනවා 31 වැනිදාට කලින් මේක ප්‍රකාශයට පත්කරන්න ඕන නිසා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම තියෙන යම් යම් කාරණා අරගෙන තියෙනවා, හැබැයි ඒක බොඳවු සිහිනයක් වගේ සිහින මාළිගාවක් මවලා තියෙනවා. සිහින මාළිගාව මවලා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කිසිම වැඩපිළිවෙළක් නැහැ“ යැයි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා...

    “ඊයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අපි දැක්කේ බොහොම සුන්දර දර්ශනයක්. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ සියලු සකල විධ බලවේග ඒකරාශී කරගෙන ඒ නායකයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිරිවරාගෙන වේදිකාවේ ඉන්නකොට මේ රටේ ජනතාව කාලයක් තිස්සේ ඉල්ලපු දේ සිද්ධ වුණා ඊයේ වේදිකාවේ. නායකයා ජනතාවට කියනවා මෙහෙම කරමු කියලා ජනතාව නායකයා පස්සේ එනවා. හැබැයි මේ පාර ජනතාව නායකයන්ට කිව්වා එකතු වෙන්න. එහෙම කළොත් විතරයි අපිට මේ ජයග්‍රහණය කරන්න පුලුවන්. මම දිගටම කිව්වා අනාවැකියක් ඊයේ වෙනකොට ඒක සියයට සියයක් සාර්ථක වුණා“ යැයි ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා...

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රකිනවා කියලා අතින්-පයින් අල්ලලා රකින්න බැහැ. පක්‍ෂයක් රැකෙන්නේ මතවාදයකට අනුව. ඒ මතවාදය ඒ මතවාදයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රැකිලා ඉන්නවා. සංවිධාන වැඩපිළිවෙළ ඒ සංවිධාන වැඩපිළිවෙළ කරන්නේ අපි. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකෙන්නේ. පක්‍ෂ ව්‍යවස්ථාවක් තියෙනවා. ප්‍රතිපත්ති තියෙනවා. පක්‍ෂයේ විනය නීති මාලාවක් තියෙනවා. ඒකෙන් ඇරෙන්න පක්ෂය සුරැකෙන්න වෙන විධියක් අපිට තේරෙන්නේ නැහැ. ඒක පාලනය කරන්නේ රාජපක්‍ෂවරු නෙමෙයි ඒක පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය. ඔය කියන ගිවිසුම්වල තියෙන මතවාදේ මොකක්ද. ඒක පුද්ගල රංචු ගැසීමක් ඇරෙන්න වෙන දෙයක් අපිට පේන්නේ නැහැ“ යැයි වීරකුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 09:51

    Latest News