ත්‍රස්තවාදය මෙරටින් සහමුළින්ම අතුගා දමනවා; සජිත් ප්‍රේමදාස

නොවැ 01, 2019

    බුද්ධ ධර්මය අනුගමනය කරමින්, ත්‍රස්තවාදය මෙරටින් සහමුළින්ම අතුගා දමනවා සේම, ජාති හා ආගම් භේදය, ආගම්වාදය සහමුලින් ඉවත්කර, සහෝදරත්වය ජය කරන මාතෘ භූමියක් නිර්මාණය කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

     

    මේ බව කියා සිටියේ බේරුවල නගරයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බේරුවල ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.එම්.එම්. අහමඩ්, හිටපු විපක්‍ෂ නායක රංජිත්ත්ති තිලකසිරි යන මහත්වරුන් ඇතුළු එම  ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් ජන හමුවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    “අපි සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඊළඟ විප්ලවය ආරම්භ කරනවා 16 වෙනිදායින් පස්සේ. රටේම පිහිටලා තියෙන රෝහල් පද්ධතිය ශක්තිමත් කරනවා. රටේම පිහිටලා තියෙන ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන ශක්තිමත් කරනවා. වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක වන රෝග නිවාරණ වැඩසටහන, පවුල් සෞඛ්‍ය නිලධාරින් හරහා අම්මලට, දරුවන්ට ලබාදෙන ඒ සායන හයිය, ඒ ත්‍රිපෝෂ වැඩසටහන, ඒ අයඩින්, විටමින් ලබාදීමේ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරනවා. ළදරු මන්ද පෝෂණය, මාතෘ මන්ද පෝෂණය අවම කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමුන්නාන්සේලාට මම කියන්න කැමතියි අපි අපේ මාතෘ භූමියේ ජාතික ආරක්‍ෂාව ශක්තිමත්ව ක්‍රියාත්මක කරනවා. මේ රටේ කිසිම ත්‍රස්තවාදයකට තැනැක් නැහැ. ආගම, ජාතිය, කේන්ද්‍ර කරගෙන හෝ කුමන ආගමකට, කුමන ජාතියකට සම්බන්ධ ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා නම් ඒ ත්‍රස්තවාදය විනාශ කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Latest News