හිස්බුල්ලා කාන්තන්කුඩියේ ත්‍රස්තවාදී කල්ලියක් මෙහෙයවනවා - රිෂාම් මරුෂ් (වීඩියෝ)

නොවැ 01, 2019

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා කාන්තන්කුඩිහි ත්‍රස්තවාදී කල්ලියක් මෙහෙයවන බව නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ් පවසයි.

    මෙම ෂෙපෙයි සහයිබා නැමැති ත්‍රස්තවාදී කල්ලියට සටන් පුහුණුව ලැබූ 400කට වැඩි පිරිසක් සිටින බවද ඔහු සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පුස්තකාල ප්‍රලේඛන ශ්‍රවණාගයේ අද (01) පැවති මාධ්‍ය හමුවක දීය.

    ඒ අවස්ථාවේ ඔහු දැක්වූ අදහස්...

    “පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ විවිධ හෙළිදරව් කරගෙන ආවා අපි. පසුගිය මාධ්‍ය හමුවේ දී ෂෙපෙයි සහයිබා කියන ත්‍රස්තවාදී කල්ලියක් තියෙනවා කියලා කාත්තන්කුඩිවල. ඒ ත්‍රස්තවාදී කල්ලියේ පිට පස්සේ ඉන්න ආණ්ඩුකාරවරයා කවුද කියන එක, ඒ ගොල්ලන්ව මෙහෙයවන්නෙ කවුද කියන එක අපි කියන්නං කියලා කිව්වා. ඇත්තෙන්ම ඒ අපි කියන්නම් දැන් මෙන්න මේ අය ඉන්න ආණ්ඩුකාරතුමා. මෙයා දැන් ජනාධිපති අපේක්ෂකයෙක්. හැමකෙනාම දන්නවා මේ මෙයා අන්තවාදී පුද්ගලයෙක් කියලා. මොහු කියන්නේ මට දෙන්න පළවෙනි මනාපය දෙවෙනි ගෝඨාභයට කියලා. මෙයා හන්ද මට තවත් ප්‍රශ්නයක් වුණා. මට ජීවිතේට අවදානමක් තියෙනවා...

    ආත්මාරක්ෂක සටන් කලාව පුරුදු පෞරාණික සටන් කලාව චීනඅඩි සටන් පුරුදු 400ක් කට්ටිය ඉන්නව.”

    ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශ පහතින්...

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 09:51

    Latest News