දකුණු පළාතේ ආපදාවට ලක් වූ ජනතාවට රු.මිලියන 16 ක්

නොවැ 01, 2019

    අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් දකුණු පළාතේ හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කයන්හි ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 16 ක මුදලක් පිරිනැ‍මේ.

    දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා විසින් එම මුදල් වෙන් කර ති‍‍බේ.

    ඒ අනුව ආපදාවට පත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පළාත් පාලන ආයතන සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ද ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 20 ක මුදලක් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය සභාවට රු. ලක්ෂ 10 ක් බැගින් ද ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය.

    Latest News